FAST NEWS

24×7 Around the Globe

මහින්ද සමග විවාද බෑ : මහින්ද අගමැති අපේක්ෂක නෙවෙයි – අගමැති කියයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා නොවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ විවාදයකට තමන් සූදානම් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

බී.බී.සී. සිංහල සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ. .

මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනටමත් පවසා ඇති බවද ඔහු බී.බී.සී. සේවයට පවසා තිබේ. මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයේ අගමැති අපේක්ෂකයා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළොත් ඔහු සමග විවාදයකට එන බවද අගමැතිවරයා සඳහන් කරයි.