FAST NEWS

24×7 Around the Globe

තාජුදීන්ගේ මළසිරුර ගොඩගැනීමට අවසර : දිනය හා වේලාව වසන් කරයි.

2012 වසරේ අභිරහස් ලෙස මිය ගිය බව කියන ප‍්‍රසිද්ධ රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුදීන් මහතාගේ මළසිරුර විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් ඉදිරියේ ගොඩ ගැනීමට නියමිත බව දෙහිවල පොලීසිය කියයි.

මළ සිරුර ගොඩ ගැනීමට නියමිත දිනය හා වේලාව ආරක්‍ෂක හේතූන් මත අනාවරණය කිරීමට නොහැකි බව පරික්‍ෂණ මෙහෙය වන ආරක්‍ෂක අංශ නිලධාරිහු පවසති. ගිය රජයේ දේශපාලන ප්‍රබලතමයකුගේ පුත්‍රයකු මේ ඝාතනයේ සැකකරුවකු විය හැකි බව පොලිස් ආරංචි කියයි.

අළුත්කඩේ අංක 03 අධිකරණයේ මහේස්ත්‍රාත් නිශාන්ත පෙරේරා මහතා වෙත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කළ විමර්ශන වාර්තා අනුව රගර් කී‍්‍රඩකයා ඝාතනය කළ බව කියති.

වැඩිදුර වාර්තාවක් මගින් රහස් පොලීසිය මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මළසිරුර යළි ගොඩගැනීමට නියමිතය.