සෙලින්කෝ සභාපති ලලිත් කොතලාවලගේ ගෝල්ඩන් කී තැන්පතු සම්බන්ධයෙන් පැවති සියලු නඩු කටයුතු අවසන් කිරීමට අගවිනිසුරු ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (04) තීරණය කළේය.
එම මුදල් අදාළ තැන්පත්කරුවන්ට නැවත ගෙවීමේ රජයේ ක්‍රමවේදයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේය.
මේ සම්බන්ධයෙන් පැමිණිලි ගොනු කර තිබූ පාර්ශව සහ විත්තිකරුවන් යන සියලු පාර්ශව සමථයකට එකඟවීමෙන් පසු වසර 6ක කාලයක් පැවැති නඩු කටයුතු අවසන් කිරීමට තීන්දු විය.







