FAST NEWS

24×7 Around the Globe

ඉන්දු ලංකා මාර්ග සඳහා ලංකාවේ අනුමැතිය ලබාදී නෑ.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් ඉදිකිරීමට යෝජිත දුම්රිය හා මහා මාර්ගය සඳහා ශ්‍රී ලංකා රජය තවමත් අනුමැතිය ලබා දී නැති බව ඉන්දීය මහාමාර්ග හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය පොන්. රාධක්‍රිෂ්නන් මහතා ඉන්දීය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ඉන්දීය රජය මෙම ව්‍යාපෘතිය ඉතාමත් ඉක්මනින් ආරම්භ කිරීමේ සැලසුම් දියත් කර තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ව්‍යාපෘතිය සඳහා ආධාර ලබාදෙන ආසියානු සංවර්ධන බැංකුව වෙත ශක්‍යතා වාර්තාව සකස්කරන ලෙසත් ඉන්දීය රජය දන්වා තිබේ.

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම හා ඉන්දියාවේ ධනුෂ්කෝඩි යා කාරමින් මෙම මාර්ගයන් ඉදිකිරීමට යෝජිතය.