FAST NEWS

24×7 Around the Globe

බන්ධුල ගුණවර්ධනට ලිට්රෝ සමාගමෙන් එන්තරවාසි.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන පසුගිය දා සිදු කළ පදනම් විරහිත ප‍්‍රකාශයෙන් සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ලිට්රෝ සමාගම එන්තරවාසි යවා තිබේ.

ඒ ලිට්රෝ සමාගම පෞද්ගලික කරණය කිරීමේ සූදානමක් ඇති බවට ඔහු විසින් සිදුකරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන්. එම සමාගමේ විධායක සභාපති ශලීල මුණසිංහ සිය නීතීඥවරුන් මගින් යවා ඇති එන්තරවාසියේ දක්වා ඇත්තේ මෙම ප‍්‍රකාශය මගින් තමාට සේ ම ලිට්රෝ සමාගමේ ඉහළ කළමනාකාරීත්වයට අපහාස වී ඇති බවයි.

පසුගිය ජූලි 22 දා හෝ ඊට ආසන්න දිනයක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කර ඇත. ඒ අනුව දින 7ක් ඇතුළට අදාළ මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බව එහි සඳහන්.