FAST NEWS

24×7 Around the Globe

නිට්ටඹුවේදී බස් රථ දෙකක් ගැටෙයි – පුද්ගලයින් 21කට තුවාල.

නිට්ටඹුව, රඳාවඩුන්න ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන්, පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද පෙරවරු 7.15ට පමණ සිදුව ඇති එම අනතුරින් තුවාල ලැබූ 17 දෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව ය.

කොළඹ සිට යාපනය බලා ධාවන වූ ලංගම බස් රථයක් සහ කුරුණෑගල සිට කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණලා ගැටී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.