FAST NEWS

24×7 Around the Globe

සජින් වාස්ගේ ඇප තීරණය 10 වනදා.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට ඇප ලබාදීම සම්බන්ධයෙන් මේ මස 10 වනදා තීන්දුවක් ලබාදෙන බව අද ප්‍රකාශ කළා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක විසින්.

හිටපු මන්ත්‍රිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ ප්‍රතිශෝධිත ඇප අයදුම්පත්‍රය අද කැඳවූ අවස්ථාවේදි මෙම තීන්දුව ප‍්‍රකාශ කෙරිණ.

මේ මස 10 වනදා හිටපු මන්ත්‍රීවරයාට ඇප ලබාදෙන්නේද නැද්ද යන්න පිළිබඳව තීන්දුව ඒ අනුව ලබාදෙනු ඇති.

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 23 ක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ ඔහු බන්ධනාගාර ගතකර ඇත.