කොටහේන වෙඩි තැබීමෙ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ආමි සම්පත් ලෙස හදුන්වන පුද්ගලයා නොවන බව පොලිසිය සනාථ කර ඇත.
කෙසේ වෙතත් මීට සුලු මෙහොතකට පෙර පැවසුනේ ආමි සම්පත් හෙවත් නිරෝෂ සම්පත් කොළඹ ජාතික රෝහලේ දී මිය ගිය බවයි.
———————————————(update)
බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේදී තුවාල ලැබු ආමී සම්පත් මීය යයි.
බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේදී තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බුලත්සිංහලගේ නිරෝෂන් සම්පත් හෙවත් ආමි සම්පත් නැමැත්තා මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම 3.50 ට පමණ ඔහු මියගොස් ඇති බව ය.
කොළඹ බ්ලුමැන්ඩල් පෙදෙසේ මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතවෙමින් සිටි පිරිසකට පසුගිය සිකුරාදා පෙරවරුවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.







