FAST NEWS

24×7 Around the Globe

අගමැතිගේ ආර්ථික කළමනාකරණ කමිටුව ජනපති අහෝසි කරයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු ආර්ථික කළමනාකරණ කමිටුව වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට අමාත්‍යවරුන්ගේ බහුතර කැමැත්ත මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27) රැස්වුණු අමාත්‍ය කැබිනට් රැස්වීමේදී තීරණය කොට ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මින් ඉදිරියට රටේ ආර්ථික කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ බලය පැවරෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කර ඇති ජාතික ආර්ථික සභාවටය.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආර්ථික කළමනාකරණ කමිටුව නියෝජනය කළ අනෙකුත් සාමාජිකයන් වූයේ ආර්. පාස්කරලිංගම්, චරිත රත්වත්තේ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්. එච්. එස්. සමරතුංග යන මහත්වරුන්ය.
පසුගිය කාලසීමාව පුරාවටම ආර්ථික කළමනාකරණ කමිටුව හරහා ගත් තීන්දු තීරණ අසාර්ථක වීම පිළිබඳවත් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැඩි කනස්සල්ල පළ කර ඇති බත් සඳහන්.

DE සිල්වා