FAST NEWS

24×7 Around the Globe

සයිටම් දෙමාපිය සංගමය ගැසට් පත්‍ර දෙකක් ඉල්ලයි..

සයිටම් සිසුනු කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමේ හා සයිටම් ආයතනය අහෝසි කිරීමේ ගැසට් නිවේදන දෙකම එකම දිනයක කඩිනමින් ප්‍රකාශයට පත් කළ යුතු බව මාලඹේ සයිටම් වෛද්‍යපීඨ දෙමාපිය සංගමය මාධ්‍ය වෙත සඳහන් කළේය.
මාලඹේ වෙද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළත් මෙතෙක් ඊට අදාළ නීත්‍යනුකූල කටයුතු ආරම්භ කර නොමැති බවද එම සංගමය පෙන්වා දෙයි.
මේ නිසා ගැසට් නිවේදන දෙකම සතියක් තුළ නිකුත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවද එම සංගමය වැඩි දුරටත් අවාධාරණය කර සිටියි.
DE ිල්වා