FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ වර්ජනයේ..

වැටුප් දීමනා ඇතුළු මූලික ඉල්ලීම් 05 ක් මුල් කර ගනිමින් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් අද (28) සිට ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව පුරා පිහිටි විශ්වවිද්‍යාල 15 වේ සහ විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට සම්බන්ධ අනධ්‍යයන සේවකයන් පහළොස් දහසකට වැඩි පිරිසක් මේ සඳහා එක්වන බව එම කමීටුව පවසයි.
මාසික හිලව් දීමනාව, වෛද්‍ය රක්ෂණ ලබාගැනීම, සේවක පුරප්පාඩු පිරවීම ඇතුළු තවත් ඉල්ලීම් රැසක් වසර තුනක සිට ඉල්ලා සිටියත් මතෛක් ඊට පිළිතුරු ලැබි නැති බවත් ,මෙම ඉල්ලීම් ඉටු කරන තුරු අඛණ්ඩව සිය වෘත්තීය ක්‍රියාමාර්ගය කිරීමට සැලසුම් කර ඇතැයිද එම කමීටුව වැඩි දුරටත් සඳහන් කළේය.
DE සිල්වා