FAST NEWS

24×7 Around the Globe

ගෑස් මිල ඉහළ දැමීම සඳහා ඉල්ලීම සලකා බැලේ..

ගෑස් මිල ඉහළ දැමීම සඳහා සමාගම් කළ කළ ඉල්ලීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට ජීවන වියදම් කමිටුව ඊයේ (27) පස්වරුවේ එම කමීටුව රැස්වූ අවස්ථාවේ තීරණය කර තිබේ.
එහිදී ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි පවතින වෙනස්කම් හා මෙරට ගෑස් වෙළෙඳපොළ පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් සපයන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට කමීටුව විසින් උපදෙස් ලබා දී තිබේ.
අදාළ වාර්තාව ලැබීමෙන් පසු ගෑස් මිල වැඩි කිරීමට කළ ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් පැවසේ.
පසුගියදා මෙරට ගෑස් සමාගම් 02 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ත් 400ත් අතර අගයකින් ඉහළ නංවන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කළේ ය.
DE සිල්වා