FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපති ලේකම්ගේ පෙත්සම සලකා බැලේ..

විදෙස් සංචාරයකට අවසර ඉල්ලා කළ ඉල්ලීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත්
වීරතුංග මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන 02 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (27) තීන්දු කළේය.

එම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැදවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දුන්හ.

තම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඉකුත් ජනවාරි 29 වැනි දා මහාධිකරණය ලබා දුන් තීන්දුව ඉවත දමා තමන්ට විදේශ ගතවීමට අවසර දෙන ලෙසද ලලිත් වීරතුංග මහතා සිය ප්‍රතිශෝධන පෙත්සම මගින් ඉල්ලා ඇත.

DE සිල්වා