FAST NEWS

24×7 Around the Globe

තැපැල් ජන්දයට සියල්ල සුදානමීන්.

මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සඳහා මේ වන විට සියලූ කටයුතු සූදානම් බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් මහතා සඳහන් කළේ ගුරුවරුන් සඳහා ලබන සඳුදා තැපැල් ඡන්ද විමසීම සිදුකෙරෙන බවයි.

තැපැල් ඡන්දය නිරීක්ෂණය කිරීම සඳහා දේශීය නිරීක්ෂණ සංවිධාන කිහිපයක් ඉදිරිපත් වී සිටිනවා. අවශ්‍ය නම් තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වෙත ආරක්ෂාව ද ලබාදිය හැකි බවයි එම්.එම්. මොහොමඞ් මහතා වැඩිදුරටත් කියා සිටියේ.