FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් ගුවන් ගමන් ප්‍රමාදය ගැන අමාත්‍යාංශයට වාර්තාවක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් ප්‍රමාද වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත්, එ අනුව අද (27) උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සමාගම එම වාර්තාව ලබා දීමට නියමිත බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍ර හේවා විතාරණ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
එම වාර්තාවෙන් ගුවන් ගමන් ප්‍රමාද වීමට හේතුව සහ සිදු වූයේ කුමක් ද යන්න අමාත්‍යංශය විමසා ඇති බවද එ මහතා ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ කොචින් ගුවන්තොටුපොළේදී එක් යානයක කුරුල්ලෙකු ගැටීම හා තවත් යානයක් දෝෂයකට ලක් වීම ඇතුළු සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම දෝෂ තත්ත්වය උද්ගතව ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය මීන් පෙර සඳහන් කර තිබුණී.