FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ අඛණ්ඩ වර්ජනයකට යති..

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (28) දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති තීරණය කර තිබේ.

සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරින් දැනුවත් කළ ද මෙතෙක් ඊට කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බැවින් මෙම තීරණය ගත් බවද එම වෘත්තීය සමීති පවසයි.

සිය ගැටලුවට විසඳුම් ලබාදීමට කඩිනමින් පියවර නොගතහොත් දිවයින පුරා විශ්වවිද්‍යාලවල වර්ජනය ක‍්‍රියාත්මක කරන බවද එම සමීති වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියි.
DE සිල්වා