FAST NEWS

24×7 Around the Globe

මහින්දට විපක්ෂ නායකකම නොදෙයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට විපක්‌ෂ නායක ධුරය ලබාදීමට සහාය දිය නොහැකි බව එජනිස මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (26) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
හිටපු ජනාධිපති ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂයේ සියලුදෙනා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරු යෑයි ද මෙම මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීය.
විපක්‌ෂ නායකකම දෙන්න මේ මැතිවරණය හේතු නොවන බව ද 2015 මහ මැතිවරණයේදී සියලු දෙනා පත්වූයේ එජනිසයෙන් බව ද ජාතික ආණ්‌ඩුවට යැමට පක්‌ෂය තීරණය කරද්දී ඔවුන්ගේ ඉල්ලීමට විපක්‌ෂයේ හිඳ ගැනීමට අවසර දුන් බව ද එහිදී ශ්‍රිලනිප මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතාද මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.