FAST NEWS

24×7 Around the Globe

ඇලෝසියස් හා කසුන් පලිසේනගෙන් මහාධිකරණයට පෙත්සම්..

බැදුම්කර සිද්ධියට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එම සමාගමේ විධායක නිළධාරි කසුන් පලිසේන මහතා කොළඹ මහාධිකරණය හමුවේ අද (23) ප්‍රතිශෝධන පෙත්සම් ගොනු කළහ.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොටුව  මහේස්ත්‍රාත් අධිකරණය පොදු දේපල පනත යටතේ තමාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව මෙම පෙත්සම් මගින් පෙන්වා දී තිබේ.
එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවල පොදු දේපල පනත යටතේ කිසිඳු වරදක් අනාවරණය නොවන බැවින් මහේස්ත්‍රාත් අධිකරණයේ තීරණය ප්‍රතිශෝධනය කර තමන්ට ඇප ලබාදෙන ලෙස පෙත්සම් මගින් ඉල්ලා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා පෙත්සම වල වගඋත්තරකරුවන් කර තිබේ..