FAST NEWS

24×7 Around the Globe

දූෂණ හා වංචාවන් පිළිබදව අගමැතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

දූෂණ හා වංචාවන් පිළිබදව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන් කඩිනම් කරලීමට අග්‍රාමාත්‍යවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.
රාජිත සේනාරත්න, ඩී එම් ස්වාමිනාදන් සහ අජිත් පෙරේරා යන අමාත්‍යවරැන්ගෙන් ලත් මෙම කමිටුවේ ලේකම් ධූරය නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පවරා ඇත.
පොලිස්පතිවරයා, නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් පිරිසක් සමග අද උදෑසන අරලියගහ මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම තීරණයට එළැඹ ඇත.