පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යැමට ඇවන්ගාඩ් සමාගමට ඉඩ දීමෙන් රජයට රුපියල් බිලියන 14.5 ක පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 08 දෙනකුට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් උසාවියේ පවරා ඇති නඩුව විභාග කිරීම මාර්තු 26 වැනිදා දක්වා කල් තැබීමට අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කළේය.
මේ වන විට මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිය විසින් නඩුව ආරම්භයේදී ගොනුකරන ලද මූලික විරෝධතාවය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයන් මේ වන විට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, එම නියෝග වලට අදාළ ප්රතිසංශෝධන අයදුම්පතක් මේ වන විට අභියාචනාධිකරණයේ ගොනුකර ඇති බැවින් සහ, අද (26) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන නඩු සම්බන්ධයෙන් මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයන් සහභාගි වීමට නියමිත බව,රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළ හෙයින් මෙම නඩු විභාගය මාර්තු 26 දිනට කල් තබන ලදී.
DE සිල්වා








