FAST NEWS

24×7 Around the Globe

ඌව ප්‍රධාන ඇමති දණගැස්වූ විදුහල්පතිනියගෙන් මිලියන 500ක් ඉල්ලයි…

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් ඔහුගේ කීර්ති නාමයට හානිවූ බව පවසමින් ඔහු විසින් දණ ගැස්වීමට ලක්වූ විදුහල්පතිනියගෙන් රැපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් ගොනුකර ඇති බව පැවසේ.
මෙම සිදුවීම පිළිබද තවමත් විමර්ශන සිදුවන බැවින් මෙලෙස එන්තරවාසි ගොනු කිරීම එම සාක්ෂිකාරියට කරන ලද බලපෑමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යවා ඇත.