කුඩා ලොරි රථයක් ඇඹිලිපිටිය – සෙවනගල – හබරළුආර පාලමෙන් ඇළට වැටී කාන්තාවන් තුන්දෙනෙකු මිය ගොස්, තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ කතරගම වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් සිටි කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.
ලොරි රථයේ 19 දෙනෙකු ගමන් කර ඇති අතර එහි රියදුරුගේ තත්ත්වය බරපතල බව ද සදහන්. තුවාලකරුවන් ඇඹිලිපිටිය සහ උඩවලව රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.







