FAST NEWS

24×7 Around the Globe

හලාවත අනතුරකින් 12 කට තුවාල..

පුත්තලම, කුමාරකට්ටුව මංසන්ධියේදී අද (25) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලැබු බව පොලිසිය පවසයි.
අද (25) අලුයම 2.00 ට පමණ යතුරු පැදියක් අනතුරකට පත්වීමෙන් පසු ව එම ස්ථානයට රැස් වූ පිරිස අනතුරට පත් කරමින් තව ත් මෝටර් රථයක් එම ස්ථානයෙන් ගමන් කර ඇති බව පොලිසිය කියයි..
එම අනතුරින් තුවාල ලැබුවන් පුත්තලම සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී මෝටර් රථයේ රියැදුරුට ප්‍රදේශවාසීන් පහරදීමක් ද සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
ඔහු ද පොලිස් ආරක්ෂාව යටතේ හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනු ඇත.
අනතුරින් තව ත් යතුරුපැදි තුනකට හානි සිදුව ඇති බවත් පැවසේ.