අද (23) පෙ.ව 9.45 ටකොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වු දුම්රියක් පස්වරු 04.30 පමණ නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීළි පැනීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
මෙම දුම්රිය බදුල්ලට ළඟා වීමට නියමිතව තිබුනේ පස්වරු 7.30 ටය.
මෙම දුම්රියේ පැමිණි මගින් වෙනත් දුම්රියක් මගින් බදුල්ල දක්වා ප්‍රවාහනය කරවිමට පියවර ගත් බවද දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.
කඩිනමින් දුමිරිය පිළි ගත කරමින් දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත්කරන බවද දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් සදහන් කළේය.








