FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර හා බරපතල වංචා පිළිබඳ විවාදය මාර්තු 20 -23 ත් අතර..

බැඳුම්කර හා මහා පරිමාණ වංචා විමර්ශන ජනපති කොමිෂන් සභාවන්හි වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය යළි ලබන මාර්තු 20 ත් 23 ත් අතර පැවැත්වීමේ හැකියාවක් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පක්ෂ නායකයින් සමග ඒ පිළිබඳ සාකච්ඡා කර දින නියම කර ගැනීමටත් නියමීත බව පැවසේ.
අදාළ වාර්තාවල දෙමළ පරිවර්තන නොමැති වීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විරෝධය දැක්වීම හේතුවෙන් ,පසුගිය 21 වන දා පැවැත්වීමට නියමිතව තිබූ බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනපති කොමිසමේ සහ මහා පරිමාණ වංචා විමර්ශන ජනපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳ විවාදය කල් තැබිණි.
DE සිල්වා