FAST NEWS

24×7 Around the Globe

කහගොල්ලේ බස් පිපිරිම සම්බන්ධයෙන් සෙවීමට පංච පුද්ගල කමීටුක්..

දියතලාව – කහගොල්ලේදී මගීන් 19 දෙනෙකුට අනතුරට පත් කරමීන් බස් රථයක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හමුදාපතිවරයා 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.
පෞද්ගලික බස් රථයක් තුළ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් දැනට රෝහලේ ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අද සිදුකිරීමට නියමිත බවත්, දැනට පිපිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 17 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද සඳහන්.
මෙම හමුදා සාමාජිකයින් දෙදෙනාගෙන් මෙතෙක් ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වූයේ ඔවුන් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටීම හේතුවෙන් වන බවත් ,ඉන් එක් හමුදා සාමාජිකයෙකු අදාළ අත්බෝම්බය ගෙනවිත් ඇති බවට ද තොරතුරු අනාවරණ වී ඇත.
එසේම බස් රථයෙහි ගමන් කළ හමුදා සාමාජිකයෙකු සතුව තිබූ ජීව අත්බෝම්බය පුපුරා යාම මෙම පිපිරීමට හේතුවී ඇති බවද රජයේ රස පරීක්ෂකවරයා ද සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී තිබේ.
DE සිල්වා