FAST NEWS

24×7 Around the Globe

ඇමති මණ්ඩල සංශෝධනය අද (23) පස්වරුවේ – ප්‍රභල වෙනස්කම් රැසක්..

අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යධූරවල සිඳුවන වෙනස්කම් ඇතුළත් අමාත්‍යවරුන්ගේ ලේඛන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (22) රාත්‍රීයේ බාරදී ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය හිමීවනු ඇති බවත් පැවසේ.
එසේම උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමති ලක්ෂ්මන් කිරි ඇල්ල මහතාගෙන් මහමාර්ග විෂයද ,නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාගෙන් නීතිය හා සාමය යන විෂයද ඉවත් කෙරෙනු ඇතැයිද පැවසේ.

එසේම රාජ්‍ය ඇමතිවරුන් වන රවින්ද්‍ර සමරවීර , සුජීව සේනසිංහ , නියෝජ්‍ය ඇමතිවරුන් වන ආචාර්ය හර්ෂද සිල්වා , අජිත් පී පෙරේරා යන මහත්වරුන් කැබිනට් නොවන ඇමතිවරුන් ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ .
යෝජිත ඇමති මණ්ඩල සංශෝධනයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේද විෂය පථයන් වෙනස් වීමට ඉඩ ඇති අතර මහින්ද අමරවීර , දයාසිරි ජයසේකර යන ඇමතිවරුන්ට වැඩි වගකීම් පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ .
DE සිල්වා