FAST NEWS

24×7 Around the Globe

උදයංගට රතු නිවේදන නිකුත් කෙරෙයි..

මිග් ගුවන් යානා 04 ක් මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොපැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය රතු නිවේදනයක් නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කළ පසු එය ජාත්‍යන්තර පොලිසිය මගින් ක්‍රියාත්මක කිරීමට ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය මුලින්ම නිල් නිවේදනයක් නිකුත් කර පසුව රතු නිවේදනයක් නිකුත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
DE සිල්වා