FAST NEWS

24×7 Around the Globe

පොහොර සදහා මුදල් කන්නයට පෙර ගොවි ගිණුමට…

වී, බඩ ඉරිඟු, සෝයා, මිරිස්, ලොකු ලූණු සහ අර්තාපල් ගොවීන් සඳහා ලබන කන්නයේ සිට පොහොර ලබා ගැනීමට වැයවන සම්පූර්ණ මුදල කන්නය  ආරම්භ වීමට පෙර එම ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට රජය තීරණය කළ  බව කෘෂි කර්මාන්ත අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ජාතික ආර්ථික සභාව  පත්කළ මුදල් අමාත්‍ය මංගල සමරවීර,  කෘෂිකර්ම අමාත්‍ය  දුමින්ද දිසානායක සහ විශේෂ කාර්යභාර අමාත්‍ය  සරත් අමුණුගම යන මහත්වරුන් ගෙන් සමන්විත කමිටුව මුදල් අමත්‍යාංශයේදී අද (22) රැස්වී  මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම මෙම බෝග සඳහා 2018 අයවැයෙන් යෝජනා කළ අක්කරයකට රුපියල් 40000 ක වගා රක්ෂණාවරණය සදහා දැරීමට සිදුවන රුපියල් දහසක මුදල රජය විසින් දැරීමට තීරණය කළ බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව එම  එම  රක්ෂණාවරණය මෙම කන්නයේ සිට සම්පූර්නයෙන්ම නොමිලේ ලබාදීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය