FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලු වෙල්ගමගේ පෙත්සම කල් තැබෙයි…

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලිම ඔක්තොම්බර් මස 15 වැනිදා කල් තැබිමට අද (22) නියෝග කළේය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමීන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන තවමත් සිදු කරන බවට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට කළ දැනුම් දිම සලකා බලමීන් මෙම නියෝගය නිකුත් කෙරුණී.
සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මන්ඩලයේ හිටපු සභාපති ශෂී වෙල්ගම මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මෙ වන විට ඇප මත මුදා හැර සිටියි.
DE සිල්වා