සයිටම් ආයනතයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් කොතලාවල වෛද්‍ය පීඨයට කිරීමට රජය තීන්දුවක් ගත්තද ශිෂ්‍ය ව්‍යාපාරය සටන් කරන්නේ එම ආයතනය අහෝසි කර ගැනීමට බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයයේ වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ මහතා අද (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා සයිටම් අහෝසි කිරීමේ ගැසට් නිවේදනය වහාම නිකුත් කර දැනට නිකුත් කර තිබෙන වෛද්‍ය අධ්‍යාපනයේ අවම අධ්‍යාපන සුදුසුකම සඳහා වන ගැසට් පත්‍රය ද වහාම අවලංගු කළ යුතු යැයි ඔහු පෙන්වා දෙයි
එසේ නොකළහොත් සයිටම් ආයතනය අහෝසි කරන තුරු සිදු කරන අරගලය අඛණ්ඩව සිදුකරන බවත් හෙතෙම පවසා සිටියේය.
කෙසේ වෙතත් එම ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ට රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයක වෛද්‍ය උපාධිය ලබාදීම ගැටලුවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
DE සිල්වා








