FAST NEWS

24×7 Around the Globe

මාරි විජේවර්ධන බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් ධූරයෙන් යයි..

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන අමාරි විජේවර්ධන මහත්මිය ලබන මාර්තු 30 වැනිදායින් සිට සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී ඇති බවත්, අදාළ අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බවදඅභ්‍යන්තර විදේශ සේවා ආරංචි මාර්ග පවසයි.
වත්මන් රජය බලයට පත්වීමත් සමගම විජේවර්ධන මහත්මිය බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත්කරන ලදි.
එසේම ලබන අගෝස්තු මාසයේදි අමාරි විජේවර්ධන මහත්මියගේ වසර දෙකක සේවා කාලය අවසන් වීමට නියමිතව තිබුණී.
DE සිල්වා