කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරතව සිටි මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන් පිරිසකට වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළාගොස් තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මේ අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ මැදිවියේ කාන්තාවක් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ද සදහන්.
එසේම තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා සිටින අතර ඔවුන්ට හදිසි ප්‍රතිකාර ආරම්භ කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.







