FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධයෙන් ජන රැලි මාලාව නුගේගොඩින් ඇරඹේ..

ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බවත් ,ඉන්පසු පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යා යුතු බවට ආණ්ඩුවට බලකරමින් දිවයින පුරා ජන රැලි මාලාවක් පැවැත්වීම ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
මෙහි ආරම්භක රැලිය ලබන මාර්තු 06 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩදී පැවැත්වීමටද මේ වන විට තීරණය වී තිබේ.
පසුගිය 20 වැනිදා හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයන්ට එළැඹි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
නුගේගොඩින් ආරම්භ කෙරෙන මෙම ජන රැලි මාලාව දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සැලසුම් කර ඇති බවත්,
මේ සදහා ආණ්ඩු විරෝධී සියලුම බලවේග සම්බන්ධ කරගන්නා බවද මන්ත්‍රීවරයා පැවසීය.
වත්මන් ජාතික ආණ්ඩුව ඉල්ලා අස්වී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවනතුරු මෙම විරෝධතා රැලි හා විරෝධතා ව්‍යාපාර අඛණ්ඩව සිදුකරන බවද එ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
DE සිල්වා