FAST NEWS

24×7 Around the Globe

ධිවර සහ නාවික ප්‍රජාවට කාළගුණයෙන් අනතුරු අඟවයි..

දිවයිනට ගිනිකොණදිග දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවත්, සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (22) පෙරවරුවේ නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වෙයි.
මෙම තත්වය සැළකිල්ලට ගෙන ධිවර සහ නාවික ප්‍රජාවට විමසිලිමත්ම කටයතු කරන ලෙසද එම නිවේදනය මගින් සඳහන් කර තිබේ.
එසේම ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ,දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50 ක් දක්වා වැඩි විය හැකි බවත්, මෙ අනුව එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු ස්භාවයක් ගනු ඇතැයිද වැඩි දුරටත් සඳහන්.
DE සිල්වා