FAST NEWS

24×7 Around the Globe

එජාපය හා ශ්‍රීලනිපය එක්වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවයි..!!!

එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක් වී බහුතරය ලබාගත හැකි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා මාධ්‍ය වෙත පැවැසීය.
පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළත් බහුතරයක්‌ නැතිනම් විපක්‍ෂයට බහුතරය පෙන්වා බලය පිහිටුවිය හැකි බවද මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (21) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මෙ බව පැවසීය.
පාර්ලිමේන්තුවේදීත් ඉතිහාසයේ මෙවැනි බලය පිහිටුවීම් සිදුවී ඇති නිසා පළාත් පාලන ආයතනවලට එය සාමාන්‍ය තත්ත්වයක්‌ බවද හෙතෙම මෙහිදි පෙන්වා දුන්නේය.
තවද ආණ්‌ඩුව පිහිටුවා ඇත්තේද මෙම ප්‍රධාන පක්‍ෂ දෙක නිසා පළාත් පාලන ආයතනවලද බලය පිහිටුවීම ප්‍රධාන පක්‍ෂ දෙකට ගැටලුවක්‌ නැති බව හෙතෙම වැඩි දුරටත් මෙහිදි කියා සිටියේය.
DE සිල්වා