FAST NEWS

24×7 Around the Globe

සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට..

මාලඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය විද්‍යවව හදාරන සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදි තීරණය වු බව ජනාධිපති මාධ්ය අංශය පවසයි.

නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව ඇති බවත් සදහන්.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන දහසක් පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කර බලා ඒ අනුව මෙම ඇතුළත් කරගැනීම සිදු කිරීමට මේ සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර ඇති බවද සදහන්.