තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ මඩුපාර දුම්රිය ස්ථානය හා මුරුන්කන් දුම්රිය ස්ථානය අතර මාර්ගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ මස 26 වැනිදා උදෑසන9.00 සිට මාර්තු 02 වැනිදා දක්වා කාලය තුළ අදාළ මාර්ගය වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම කාලය තුළ මැදවච්චිය, තලෛයිමන්නාරම්තොට අතර හා තලෛයිමන්නාරම්තොට හා මැදවච්චිය අතර දුම්රිය මගීන්ට බස් සේවා ක්‍රිරියාත්මක කරන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.








