FAST NEWS

24×7 Around the Globe

හෙට තෙල් වර්ජනයක් ?

කොළොන්නාව තොග නිමා සමාගමේ සේවකයන්ට ඇති වී තිබෙන වැටුප් ගැටලුව විසඳීමට කටයුතු නොකළහොත් හෙට (22) පෙරවරුවේ සිට වැඩවර්ජනයක නිරත වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

වැටුප් වැඩි වීමේ ගිවිසුමට අනුව තෙල් සංස්ථා සේවකයන්ට වැටුප් වැඩි කර තිබුණද, තවමත් බෙදාහැරීම ස්ථානවල සිටින සේවකයන්ට වැටුප් වැඩිකර නොමැති බව එම සංගමය කියයි.

මෙම ගැටලුව පිළිබඳ අද (21දා) සවස පාලනාධිකාරිය සමග සාකච්ජාවක් පැවැත්වෙන බවත්, එය අසාර්ථක වුවහොත් කොලොන්නාව නිමාව හා මුතුරාජවෙල ඇතුළු තෙල් ගබඩා සංකීර්ණවල රට පුරා පිහිටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය 12ක සේවකයන් හෙට උදෑසන සිට සේවයෙන් ඉවත්ව සිටීමට කටයුතු කරන බවද එම සංගමය පවසයි.