FAST NEWS

24×7 Around the Globe

පක්ෂ මාරු කරන පළාත් පාලන මන්ත්‍රීන්ට අමාත්‍යාංශයෙන් රතු එළියක්..

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ 10 (අ) වැනි වගන්තිය යටතේ ,පක්ෂ මාරු කරන පළාත් පාලන සභිකයන්ගේ මන්ත්‍රී ධුර අහෝසිවන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
එ අනුව කිසියම් පක්ෂයක ලේකම්වරයෙකු විසින් තම පක්ෂයෙන් තේරී පත්වී ඇති සභිකයෙකු පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම අවසන්ව ඇති බව දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා වෙත දැන්වීමෙන් අනතුරුව ,දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා ඒ බවට සෑහීමට පත්වන අවස්ථාවකදී ඒ තැනැත්තා සිය සභික ධුරය අවසන් කර ඇති බවට ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවක් පවතින බව මෙම වගන්තිය යටතේ සඳන්ව ඇති බව එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
DE සිල්වා