FAST NEWS

24×7 Around the Globe

දුම්රිය රියැදුරෝ පිරිසක් වර්ජනයක – දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් කරා යන ලකුණූ..

දුම්රිය සේවකයින්ට පහර දීමට විරෝධය පළ කරමින් ති‍්‍රකුණාමලය සහ කොළඹ අතර ධාවනය වන දුම්රිය රියදුරන් වර්ජනයක් ආරම්භ කළ බව, දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ සඳහන් කළේය.
ඊයේ (20) රාති‍්‍රයේ තී‍්‍රකුණාමලයේ සිදුවූ දුම්රිය අනතුරකින් විසි දෙහැවිරිදි තරුණියක් මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පහරදිම සිදු කර ඇති බවත් ලේකම්වරයා පවසයි.
මෙ අනුව අදාළ පහරදීමට සම්බන්ධ පිරිස අත්අඩංගුවට නොගතහොත් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බවද ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
DE සිල්වා