FAST NEWS

24×7 Around the Globe

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දිවයිනට කැඳවයි…!!!

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මෙරටින් කරන ලද කැඳවීමකට අනුව අද (21) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමීත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
නිදහස්‌ දිනය නිමීති කොට ගෙන පසුගියදා පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය මගින් පැවැත්වූ නිදහස්‌ සමරු උත්සවයට විරෝධය දක්‌වමින් කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව දියත් කළ උද්ඝෝෂණයේදී ඔවුන්ට කළ ඉඟි කිරීමක්‌ හේතුවෙන් තමන්ට එරෙහිව මතුවූ ආන්දොලනාත්මක තත්ත්වයකට මුහුණ දීමට ඔහුට සිදු විය.
එහිදී වහාම ඔහුගේ සේවය අවසන් කර යළි ශ්‍රී ලංකාවට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කළද පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් බ්‍රිගේඩියර්වරයා යළි සේවයේ පිහිටුවීම ට කටයුතු කෙරිණි.
DE සිල්වා