FAST NEWS

24×7 Around the Globe

ඊ – නිව්ස් කතෘට තවමත් නොතීසි භාර දී නෑ..

අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති ලංකා ඊ – නිව්ස් වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කළ නොතීසිය මේ දක්වා භාර දීමට නොහැකි වී ඇති බව පැමිණිලි පාර්ශවය අද (20) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයටෙ වෙත දැනුම් දීමට කටයුතු කළේය.
ලංකා ඊ – නිව්ස් වෙබ් අඩවියේ පල වී ඇති පුවත්වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව සඳහන් කරමින් නීතිඥ මදුර විතානගේ මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිලි 14 ක් අද කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශවයේ නීතිඥවරයා මේ බව දැනුම් දී සිටියේය.

DE සිල්වා