FAST NEWS

24×7 Around the Globe

සමාන්‍ය පෙළ ප්‍රායෝගික පරික්ෂණ අද සිට…

2018 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්‍ෂණ අද (20) සිට ආරම්භ විය.
එ අනුව එම පරික්ෂණ එය මාර්තු 07 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අපේක්‍ෂකයන් එක්ලක්‍ෂ හැත්තෑ නවදහස් හයසියයක්, දිවයින පුරා පරීක්‍ෂණ මණ්ඩල 1,632 දි මෙම පරික්ෂණ සඳහා මුහුණ දීමට නියමීතව තිබේ.
සංගීතය, නැටුම්, නාට්‍ය හා රංගකලාව විෂයන් සම්බන්ධයෙන් මෙම ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වෙයි.
ලිඛිත ප්‍රශ්න පත්‍රයට පෙනී සිටි සියලුම අයැදුම්කරුවන් මෙම ප්‍රායෝගික පරීක්‍ෂණයට අනිවාර්යයෙන් පෙනී සිටිය යුතු බවද විභාග දෙපාර්තුමේන්තුව අවධාරණය කර සිටියි.
DE සිල්වා