FAST NEWS

24×7 Around the Globe

සයිටම් අවසන් විසඳුම් මාලාව අද ජනපතිට…

සයිටම් අර්බුදයට තම සංගමය සකස් කළ අවසන් විසඳුම් මාලාවක් අද (20) ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාට භාර දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ජනාධිපතිවරයාට භාර දීමට නියමිත මෙම සංදේශය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය, සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංගමය නිල වශයෙන් එකඟතාව පළ කරමින් ඊයේ (19) සංකේතාත්මකව අත්සන් කළ බවද පැවසේ.
සයිටම් සිසුන්ට සාධාරණය ඉටු කිරීමේ පෙරමුණ ලෙස ස්ථාපිත කර ඇති මෙම බලවේගය අසාධාරණයට පත්ව සිටින සිසුන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කිරීම වෙනුවෙන් පෙනී සිටින බවද එම සංගමය කියයි.
සයිටම් එම්.බි.බි.එස්. උපාධිය මෙම සිසුන්ට ලබාදීමට ඇතැම් පුද්ගලයන් උත්සාහ කරන බවත් එය මේ සඳහා විසඳුමක් නොවන බවත් ඒ හරහා සිසුන් නැවත අසරණවීමක් සිදුවන බවත් එම සංගමය කියයි.
DE සිල්වා