ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් තවදුරටත් ජනාධිපතිවරයා සමඟ එක්ව ආණ්ඩුවේ කටයුතු කර ගෙන යෑමට ඒකමතික තීන්දුවකට පැමිණ තිබේ.
මෙ සම්බන්ධයෙන් අදහස් දැක්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ එස්.බී දිසානායක මහතා.
“මේ අවස්ථාවේදී ශ්‍රීලනිපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් කිසිසේත් රජය අතහැර නොයන අතර ශක්තිමත් කණ්ඩායමක් ලෙස ආණ්ඩුවේ කටයුතු කරනවා“
ආණ්ඩුව ඇතුලේ කළ යුතු ප්‍රබල වෙනස්කම් කිරිමේ අදහස තවදුරටත් තිබෙන අතර එම අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් කටයුතු කරන බවද ඔහු පැවසීය.








