FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 27 දෙනෙකු‍ අත්අඩංගුවට…

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 27 දෙනෙකු‍ සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය සදහන් කරයි.
පසුගිය 17 වන දින පස්වරුවේ සිදුකළ පරික්‍ෂාවකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සිදුකළ බවද පොලිසිය කියයි.
මෙම සැකකරුවන් සතුව තිබී හෙරෝයින් මිලිග‍්‍රෑමි 8 ක් කේරල ගංජා මිලිග‍්‍රෑමි පනස්නවදහස් හත්සිය පනහක් සහ නීති විරෝධී දුමිවැටි 27 ක් ද, අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් කොට්ඨාශයේ සුනඛ අංශයේ කෝරා සුනඛයාගේද සහයෝගය ඇතිව හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිළධාරින් විසින් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ දියගල ප‍්‍රදේශයේදී සිදුකළ සෝදිසියකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ, කුරුණෑගල, කළුතර, පානදුර, දෙහිවල සහ පිලියන්දල යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු විස්සත් තිහත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බව හැටන් පොලීසිය පවසයි.