FAST NEWS

24×7 Around the Globe

ආයතනවලට පත්වු සභිකයින් සංඛ්‍යාව අද නිල වශයෙන් දැනුම් දෙයි..

පසුගියදා පැවැති මැතිවරණයෙන් පළාත් පාලන ආයතනවලට ඒ ඒ පක්ෂවලින් පත් වු සභිකයින් සංඛ්‍යාව අදාළ දේශපාලන පක්ෂ වෙත අද (19) දින නිල වශයෙන් ලබා දීමට කටයුතු කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
මීට අමතරව කාන්තා සභිකයින්ගේ සංඛ්‍යාවද ඒ සමඟ ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.
ඒ අනුව ඉදිරියේදී නියම කරන දිනවලදී ලයිස්තුවෙන් පත් කරන සභිකයින්ගේ නාමලේඛනය පක්ෂ මහලේකම්වරුන් විසින් මැතිවරණ කොමිසම වෙත ලබා දිය යුතු බවද එ මහතා සඳහන් කළේය.
කොට්ඨාස මට්ටමින් මැතිවරණය ජය ගත් නියෝජිතයින්ගේ නාම ලේඛනය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමේදී අතිරේක ලේඛනයෙන් පත් කරන සාමාජිකයින්ගේ නම් ද ඊට ඇතුළත් කළ යුතු බැවින් කොමිසම කඩිනමින් ඒ ඒ පක්ෂවලට ලැයිස්තුවෙන් හිමි වන සභික සංඛ්‍යාව සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දීම සිදු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

DE සිල්වා