රුපියල් මිලියන 75 ක් පමණ වටිනා මුදල් සහ දේපල අයථා ලෙස උපයා ගත් බවට ,හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව චෝදනා කරමීන් අල්ලස් කොමිසම ගොණු කළ නඩුව මැයි මස 16 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (19) නියෝග කළේය.
මෙම චෝදනාව සම්බන්ධයෙන් වීරවංශ මහතාට අධිචෝදනා පත්‍ර භාරදී ඔහු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය මීන් පෙර නියෝග කළේය.
මන්ත්‍රීවරයාට සිද්ධීන් 39ක් යටතේ මෙම අධි චෝදනා ගොණුකර ඇති බවත් ,මෙම චෝදනා අතරට ඉඩම් සහ වාහන මිලදී ගැනීමේ සිද්ධීන් ද බැංකු ගිණුම්වල මුදල් තැන්පත් කිරීම් ද ඊට ඇතුලත් බව අල්ලස් කොමිෂන් සභාව අධිකරණය වෙත පැහැදිලි කළේය.
DE සිල්වා








