FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා ඡන්දයට අදාළ සීමා නිර්ණය වාර්තාව ඇමති අතට…

පළාත් සභා ඡන්ද විමසීමට අදාළව කොට්ඨාස බෙදාවෙන් කිරීමට පත් කළ සීමා නිර්ණය කමිටුවේ වාර්තාව සකස් කර අවසන් කර ඇති බව වාර්තා වෙයි.
එ අනුව එය අද (19) විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත භාරදීමට නියමිතව එම කමිටු ආරංචි මාර්ග පවසයි.
ආචාර්ය කනකරත්නම් තවුලිංගම්, ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක, මහාචාර්ය එස් එච් හිස්බුල්ලා,කථීකාචාර්ය විජය සන්දිරන් හා විශ්‍රාමික අතිරේක මැතිවරණ කොමසාරිස් ප්‍රේමතිලත සිරිවර්ධන යන මහත්වරු සීමා නිර්ණය කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කළහ.
DE සිල්වා